වෛද්‍ය චමල් සංජීව මහතාට අදාල පරීක්ෂණ සඳහා නීතිපති උපදෙස් ලබා ගැනීමට කටයුතු කර ඇතැයි පොලිසිය අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.

හිටපු සෞඛ්‍ය අමාත්‍යය කෙහෙළිය රඹුක් වැල්ල මහතාගේ නිල නිවස ඉදිරිපස මල්වඩමක් තැබූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර තිබෙන වෛද්‍ය චමල් සංජීව මහතාට අදාල පරීක්ෂණ සඳහා නීතිපති උපදෙස් ලබා ගැනීමට කටයුතු කර ඇතැයි පොලිසිය අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.

මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවේ කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේදී සැකකාර වෛද්‍ය චමල් සංජීව මහතා අධිකරණය හමුවේ පෙනී සිටියා.

කුරුඳුවත්ත පොලිසියේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට අදාළව නීතිපති උපදෙස් ලබා ගැනීමට ගොනු යොමු කර ඇති බව සඳහන් කළා.

නීතිපති උපදෙස් ලබාගෙන කරුණු දැක්වීම සඳහා දිනයක් ලබාදෙන ලෙසත් පොලිසිය අදිකරණයෙන් ඉල්ලා සිටියා.

ඒ අනුව අදාළ පැමිණිල්ල පෙබරවාරි මස 10 වනදා කැඳවීමටද අධිකරණය නියෝග කළා

What's your reaction?

Related Posts

1 of 450

Leave A Reply

Your email address will not be published. Required fields are marked *