වෛද්‍ය චමල් සංජීව යළි සක්‍රීය සේවයට

වැඩ තහනමට ලක්ව සිටින වෛද්‍ය චමල් සංජීව යළි සේවයේ පිහිටුවන්නයි රාජ්‍ය සේවා කොමිෂන් සභාව සෞඛ්‍ය අමාත්‍යාංශයට නිර්දේශ කර තිබෙනවා.

හම්බන්තොට සූරියවැව ප්‍රදේශයේ ළමා මන්දපෝෂණය පවතින බවට ඔහු විසින් සිදුකළ ප්‍රකාශයකින් අනතුරුවයි මෙලෙස ඔහුගේ වැඩ තහනම් කිරීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර තිබුණේ.

කෙසේ වෙතත් ඒ වෙනුවෙන් රුපියල් මිලියන 10 ක වන්දියක් ඉල්ලා වෛද්‍ය චමල් සංජීව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක්ද ගොනුකර තිබුණා.

මෙම වැඩතහනම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට ද පෙත්සමක් ඉදිරිපත්ව තිබූ අතර, ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් වාර්තාවක් ද කැඳවනු ලැබුවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *