වෛද්‍ය සැපයුම් තොග හා ඖෂධ හිඟය ගැන සත්‍ය තොරතුරු හෙළි නොකළ සෞඛ්‍ය ලොක්කන්ට වැඩ වරදියි..

ප්‍රශ්න සහගත බාල ඖෂධ ගණුදෙනු සිදුවන අවස්ථාවේදී වෛද්‍ය සැපයුම් ඒකකය තුළ පැවති නිවැරදි තොග ප්‍රමාණයන් සහ 2023-2025 කාලසීමාවේ දී ඖෂධ හිඟය මැඩ පැවැත්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ගනු ලබන පියවර සම්බන්ධයෙන් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානය මගින් සෞඛ්‍ය අමාත්‍යාංශ විටින් සිදුකළ ඉල්ලීම් ලබා නොදීම නිසා තොරතුරු දැනගැනීමේ කොමිසම සභාව අදාළ සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්ට එරෙහිව සිතාසි නිකුත් කොට ඇත.

සතියක් ඇතුළත ලිඛිත දේශන ගොනු කරන ලෙසට උපදෙස් ලබා දී ඇති අතර ලබන විසිහතර වනදා මේ සම්බන්ධව නීතිමය කටයුතු ආරම්භ කරන බව තොරතුරු දැනගැනීමේ කොමිසම සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුවත් කොට ඇත.

ප්‍රමාණවත් පරිදි සැලසුම් සකස් නොකිරීම නිසා ඉදිරි වර්ෂයේදී බරපතල ඖෂධ ඉඟියක් නිර්මාණය විය හැකි බවට වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානය අනතුරු අඟවා සිටී අදාළ තොරතුරු තවදුරටත් සනාථ කර ගැනීම සඳහා මෙම තොරතුරු සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා මාස හයකට වැඩි කාලයක් ගතවන නමුත් මේ දක්වා එම තොරතුරු ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අසමත් වූ බැවින් තොරතුරු දැනගැනීමේ කොමිසම දැනුවත් කළ බව අදාළ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය ජී.ජී චමල් සංජීව මහතා සඳහන් කළේ

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *