වෝඩ් පෙදෙසේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

කුරුඳුවත්ත පොලිස් වසමේ වෝඩ් පෙදෙසේ දී පසුගියදා (23) ත්‍රිරෝද රථයක් තුළ තියුණු ආයුධයකින් පහර දී පුද්ලයෙකු ඝාතනය කිරීම සම්බන්ධව කුරුඳුවත්ත පොලිසිය සහ කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් විමර්ශනයක් ආරම්භ කර තිබුණා.

ඒ අනුව, ඊයේ (26) ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ සමඟි මාවත ප්‍රදේශයේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම අපරාධයට අවශ්‍ය කර සිටි සැකකරුවන් දෙදෙනෙකු ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 35 හා 48 වයස්වල පසුවන ගෝන විල හා ග්‍රෑන්ඩ්පාස් යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

මෙම එක් සැකකරුවෙකු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 30 මිලිග්‍රෑම් 200 ක් සොයා ගෙන තිබෙනවා.

ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, කොළඹ අපරාධ කොට්ඨාශය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *