වෝඩ් පෙදෙසේ ඝාතනය කළ පුද්ගලයාගේ අනන්‍යතාවය හෙළි වෙයි

කොළඹ වෝඩ් පෙදෙසේ ජාතික දන්ත රෝහල අසළදී පුද්ගලයෙකු ඝාතනය කිරීම ත්‍රීරෝද රථ රියදුරන් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලක් බවට පොලිසිය සැක කරනවා.

අද අලුයම වෝඩ් පෙදෙසේ නවතා තිබූ ත්‍රිරෝද රථයක් තුළ තිබී ඝාතනය කළ පුද්ගල මළ සිරුරක් සොයා ගැනුනේ කුරුදුවත්ත පොලිසියට ලද තොරතුරකට අනුවයි.

තවත් ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම ඝාතනය සිදු කර ඇති බවට පොලිසිය කරුණු අනාවරණ කර ගෙන තිබෙනවා.

තියුණු ආයුධවලින් පහරදී ඝාතනය සිදු කර ඇති අතර සිරුරේ ස්ථාන කිහිපයක කැපුම් තුවාල ද දක්නට ලැබෙන බවයි පොලිසිය සදහන් කළේ.

මෙලෙස ඝාතනය කර ඇත්තේ මිද්දෙණිය ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි අයෙක් වන අතර ඔහු අතුරුගිරිය ප්‍රදේශයේ තාවකාලිකව ලැඟුම් ගෙන තිබෙනවා.

මියගිය පුද්ගලයා ත්‍රිරෝද රථයේ රියදුරු බවට අනාවරණ වී ඇති අතර ඔහු තවත් රැකියා කිහිපයක නිරත වී ඇති බවටයි හෙලි වී ඇත්තේ.

මිය ගිය පුද්ගලාගේ මස්සිනා විසින් ඔහුට කුලි පදනම මත මෙම ත්‍රී රෝද රථය ලබා දී ඇති බව සදහන්.

පොලිසිය සැක පල කරන්නේ, ත්‍රි රෝද රථ රියදුරන් දෙදෙනෙකු අතර වූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදු කරන්නට ඇති බවයි.

අදාළ සිරුර සොයා ගන්නා අවස්ථාවේ එය තිබී ඇත්තේ ත්‍රිරෝද රථයේ පිටුපස කොටසේයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *