ශ්‍රිලනිප මූලස්ථානයේ ලිපිගොනු රැසක් අතුරුදන්

කොළඹ ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ තිබූ වැදගත් ලිපිගොනු කීපයක් අතුරුදහන්ව ඇතැයි, එම පක්‍ෂයේ වැඩ බලන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාල මහතා මරදාන පොලිසියට පැමිණිළි කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් හිරු නිවුස් කළ විමසීමක දී මරදාන පොලිසිය සඳහන් කළේ, එලෙස අස්ථානගත වී ඇති ලිපිගොනු අතර එම පක්ෂයේ පරිපාලන කටයුතුවලට ඉතා වැදගත් වූ ලිපිගොනු කිහිපයක් ද තිබී ඇති බවයි.

මේ අතර මරදාන පොලිසිය පැවසුවේ එම පැමිණිල්ල සම්බන්ධයෙන් පැමිණිල්ල ලැබුණු ඊයේ (05) දිනයේ දී ඊට අදාළව පරීක්ෂණ ආරම්භ කළ බවයි.

එසේ ම එම පැමිණිල්ලට අදාළව සිදු කරන විමර්ෂණවලට ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ සේවකයන් ඇතුළු කීහිපදෙනෙක්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට නියමිත බවත් මරදාන පොලිසිය පවසනවා.

ඉකුත් දා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ දැඩි අර්බුදකාරී තත්ත්වයක් මතුව තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *