ශ්‍රීලංකන් මිල දී ගන්න ධම්මික පෙරේරාත් කැමැත්ත දෙයි

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යූහගත කිරීමේ ඒකකය විසින්, ශ්‍රීලංකන් ගුවන් සේවය මිල දී ගැනීම සඳහා කැඳවන ලද අභිලාෂයන් වෙත කැමැත්ත පළ කර ඇති ආයෝජකයින්ගේ නම් ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා.

ඒ, අනුව ආයෝජකයින් හය දෙනෙකුගේ නම් මෙලෙස ප්‍රසිද්ධියට පත්කර ඇති බව සඳහන්.

ශ්‍රී ලංකන් ගුවන් සේවය මිලදී ගැනීම සඳහා පහත ආයතන සිය කැමැත්ත පළ කර ඇති බව සඳහන්.

1) AirAsia Consulting Sdn. Bhd.
2) Dharshaan Elite Investment Holding (Pvt) Ltd
3) FITS Aviation (Private) Limited
4) Sherisha Technologies Private Limited
5) Treasure Republic Guardians Limited
6) Hayleys PLC
මෙහි සඳහන් Hayleys PLC මෙරට දැවැන්ත සමාගම් සමූහයක් වන අතර,එහි බහුතරයක් කොටස් ප්‍රසිද්ධ ව්‍යාපාරික ධම්මික පෙරේරා සතු වනවා.

Hayleys PLC පීඑල්සී හි කොටස් ප්‍රාග්ධනයෙන් 51.01% ක හිමිකාරීත්වය ධම්මික පෙරේරා සතුවන බවයි වාර්තා වන්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *