ශ්‍රීලනිප විධායක සභා රැස්වීමට අධිකරණයෙන් දුන් නියෝගය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා ලෙස අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා විසින් අද (19) දින කැදවා තිබෙන පක්ෂ විධායක සභා රැස්වීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් නොකිරීමට කොළඹ දිසා අධිකරණය නියෝග කළා.

ඒ අනුව විත්තිකරුවන්ට නොතීසි පමණක් නිකුත් කිරීමට තීරණය කළ අධිකරණය නඩුව නැවත ජූලි මස 03වනදා කැඳවන ලෙසත් නියෝග කෙරුණා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරයෙකු වන හෙක්ටර් බෙත්මගේ ඇතුළු පිරිසක් ගොනු කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුවයි අධිකරණය මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ.

මේ අතර, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරය දැරීම වළක්වමින් නිකුත් කර ඇති වාරණ නියෝගය අගෝස්තු පළමු වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා.

ඒ ඊට අදාළ පැමිණිල්ල කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන ඉදිරියේ අද (19) කැදවූ අවස්ථාවේදීයි.

එදිනට හෝ ඊට පෙර ලිඛිත දේශන ඉදිරිපත් කරන ලෙස විනිසුරුවරයා එහිදී දෙපාර්ශවයට නියෝග කළා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *