කෘත්‍රිම බුද්ධිය සංවර්ධනය සඳහා සිංගප්පූරු කෘත්‍රිම බුද්ධි වැඩසටහනේ සහාය ලබා දීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.
ශ්‍රී ලංකාවේ කෘත්‍රිම බුද්ධිය සංවර්ධනය සඳහා උපායමාර්ගික අරමුණු සඳහා දායක විය හැකි ක්‍රියාකාරී හවුල්කාරිත්වයක් සහ දැනුම හුවමාරුවක් සඳහා ඇති අවස්ථා ගවේෂණය කිරීම සඳහා සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලය යටතේ ඇති “සිංගප්පූරු කෘත්‍රිම බුද්ධි වැඩසටහන” (AI සිංගප්පූරුව) සමඟ සාකච්ඡා පවත්වා ඇත.
මේ සඳහා, දෙරට අතර සහයෝගීතාව විධිමත් කිරීම සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කර ඇත.
ශ්‍රී ලංකාවේ AI තාක්ෂණය දියුණු කිරීමට සිංගප්පුරුවේ සහය ලබා ගැනීමට යයි.
