ශ්‍රී ලංකාව මානව ප්‍රාග්ධන සංවර්ධනය සඳහා කලාපීය කේන්ද්‍රස්ථානය බවට පත් කරනවා – ජනපති

ශ්‍රී ලංකාව මානව ප්‍රාග්ධන සංවර්ධනය සඳහා කලාපීය කේන්ද්‍රස්ථානය බවට පත් කිරීමට කටයුතු කරන බව බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ අරලිය ගහ මන්දිරයේදී ඊයේ (18) පැවති 2024 ශ්‍රී ලංකා මානව ප්‍රාග්ධන සමුළුව ( Sri Lanka Human Capital Summit) අමතමිනි.

එහිදී විවිධ ප්‍රමිතීන් යටතේ ක්‍රියාත්මක කාර්මික විද්‍යාල උසස් තාක්ෂණ හා කළමනාකරණ විද්‍යාල බවට පත් කර තාක්ෂණික හා වෘත්තීය විෂයයන් ආශ්‍රිත උපාධිය හඳුන්වා දීමට හැකි මට්ටමට ගෙන ආ යුතු බවත් ජාතික වෘත්තීය සුදුසුකම (NVQ ) නැවත සොයා බලා ජාත්‍යන්තර පිළිගැනීමක් ඇති ඕස්ට්‍රේලියානු සුදුසුකම් මට්ටමට ගෙන ඒමට කටයුතු කළ යුතු බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය ඉහළ නැංවීම සඳහා උපායමාර්ගික පියවරක් ලෙස ඉන්දියාව සමඟ ඒකාබද්ධ විදුලි සම්බන්ධතා පද්ධතියක් සහ ගොඩබිම් සම්බන්ධතාවයක් ඇති කර ගැනීමේ වැදගත්කම ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියා.

ශ්‍රී ලංකාව මුහුණ දෙන කුසලතා අභියෝගවලට විසඳුම් සෙවීම සඳහා සියලු පාර්ශ්වකරුවන් වෙනුවෙන් එක් වේදිකාවක් පිහිටුවීමේ අරමුණින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ 2016 වසරේ දී ඔහුගේ සංකල්පයකට අනුව ශ්‍රී ලංකා මානව ප්‍රාග්ධන සමුළුව ආරම්භ විය.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *