ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට දැවැන්ත ජයක්.

T-20 කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ වටයේ පළමු තරගය අද ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පැවැත් වුණා.

එහිදී ලකුණු 67කින් ජය හිමිකරගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා.

කාසියේ වාසිය දිනා ගනිමින් ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර සියල්ල අවසානයේ කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 122ක් රැස් කර ගැනීමට සමත් වුණා.

නමුත් පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි තායිලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමට පන්දුවාර 16යි පන්දු 2ක් අවසානයේ සියලුදෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 55ක් පමණයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *