ශ්‍රී ලංකා නිදහස් බැංකු සේවක සංගමයේසුහද හමුව – කොල්ලුපිටිය ග්‍රෑන්ඩ් බෙල් හෝටලයේදී ,මහින්ද රාජපක්ෂ පැමිණීමට නියමිතව තිබුනත් පැමිණියේ නැහැ.

එම වැඩසටහනෙන් පසුව සාගර කාරියවසම් හා මිලින්ද රාජපක්ෂ මාධ්‍ය වෙත අදහස් පල කලා.

සාගර කාරියවසම් මහතා

වෘත්තීය සමිති විසුරුවා හැරීමට ආණ්ඩුව කටයුතු කරන බවට ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් අදහස් පල කලා.ඔහු පැවැසුවේ වෘත්තීය සමිති අවශ්‍ය බවයි.ආණ්ඩුව පිහිටුවීමෙන් පසු වෘත්තීය සමිති විසිරවීම සුදුසු නැති බවයි.

තවද මහින්ද රාජපක්ෂ ගේ ආරෂාව අඩු කර ඇති බවත් එය සුදුසු කාරණයක් නොවන බවත් ප්‍රකාශ කලා.බුද්ධි තොරතුරු මත සුදුසු ප්‍රමාණවත් ආරක්ෂාව මහින්ද රාජපක්ෂ මහතාට ලබාදිය යුතු බව ප්‍රකාශ කලා.
ආරක්ෂාව ඉවත් කිරීම හා අඩු කිරීම යන ප්‍රකාශ ප්‍රකාශ දෙකක බවද ප්‍රකාශ කලා.ජනාධිපති මාධ්‍ය නිවේදනය සම්බන්ධයෙන් එම අදහස් පල කලා.

වැඩිම මුදලක් මෙවර චන්දයට වියදම් කරන්නේ ජාතික ජන බලවේගය බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එතරම් මුදල් නොමැති බවත් ප්‍රකාශ කලා.

ලොහාන් රත්වත්තේ රෝහල් ගත කිරීම සම්බන්ධයෙන් තමා නොදන්නා බවත් වැරදි කර ඇත්නම් නීතිය ක්‍රියාත්මක කල යුතු නමුත් දේශපාලන පලිගැනීම් සිදු නොකල යුතු බව ප්‍රකාශ කලා.
වාහන් ඇල්ලීම පමණක් කරන බවත් මීට පෙර ප්‍රකාශ කල චෝදනා වලට අදාල විමර්ශන නොකරන බවත් ප්‍රකාශ කලා.

What's your reaction?

Related Posts

1 of 440

Leave A Reply

Your email address will not be published. Required fields are marked *