ශ්‍රී ලංකා – නෙදර්ලන්ත තරගයේ කාසියේ වාසිය නෙදර්ලන්තයට

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (17) පැවැත්වෙන 38 වැනි තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට නෙදර්ලන්ත කණ්ඩායම සමත් වුණා.

එම තරගය ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන අතර, කාසියේ වාසිය දිනාගත් නෙදර්ලන්තය තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටයි.

ශ්‍රී ලංකා වේලාවෙන් අද උදෑසන 06.00ට ආරම්භ වන එම තරගය Daren Sammy National Cricket Stadium, Gros Islet, St Lucia හිදී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි 08 දෙනාගේ වටයෙන් නිල වශයෙන් මේ වනවිට ඉවත්ව ඇති අතර, මෙම තරගය ක්‍රීඩා කිරීමෙන් අනතුරුව ඔවුන් ලෝක කුසලාන සිහිනය හැර දමා නැවත මෙරටට පැමිණිය යුතුයි.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙතෙක් සහභාගි වූ තරග තුනෙන් නේපාලය සමග පැවති තරගය වර්ෂාව හේතුවෙන් ක්‍රීඩා නොකළ අතර, අනෙකුත් තරග දෙකම පරාජයට පත්වී එක් ප්‍රසාද ලකුණක් පමණක් හිමිකරගෙන ‘ඩී’ කාණ්ඩයේ අවසන් ස්ථානයේ පසුවෙනවා.

එමෙන්ම, නෙදර්ලන්තය, ප්‍රසාද ලකුණු 02ක් හිමිකරගෙන එම කාණ්ඩයේ තෙවැනි ස්ථානයේ පසුවන අතර, ඔවුන් සහභාගී වූ තරග තුනෙන් එක් තරගයක් ජයග්‍රහණය කර ඇති අතර, තරග දෙකක් පරාජයට පත්වී තිබෙනවා.

ශ්‍රී ලංකා වේලාවෙන් අද අලුයම 05.00ට ආරම්භ වූ 37 වැනි තරගය වන බංග්ලාදේශ – නේපාල් තරගයේ කාසියේ වාසිය හිමිකර ගැනීමට නේපාලය සමත් වූ අතර, ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටයි.

එම තරගය මේ වනවිට Arnos Vale Ground, Kingstown, St Vincent හිදී පැවැත්වෙනවා.

එමෙන්ම T20 ලෝක කුසලානයේ 39 වැනි තරගය ලෙසින් නවසීලන්තය සහ පැපුවා නිව් ගීනියාව සහභාගීවන තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 08.00 ට Brian Lara Stadium, Tarouba, Trinidad හිදී පැවැත්වීමට නියමිතයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *