ශ්‍රී ලංකා – නේපාල තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමේ

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තුල ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරි ගමන තීරණය කෙරෙන අද (12) පැවැත්වීමට නියමිතව තිබූ 23 වැනි තරග පවතින වර්ෂාධික තත්ත්වය හේතුවෙන් අත්හැර දැමීමට විනිසුරුවරු විසින් තීරණය කළා.

එම තරගය නේපාල කණ්ඩායම සමග පැවැත්වීමට නියමිතව තිබූ අතර, තරගය අත්හැර දැමීම මගින් කණ්ඩායම් දෙකටම ප්‍රසාද ලකුණු 01 බැගින් පිරිනැමීමටයි තීරණය කෙරුණේ.

එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද උදෑසන 05.00ට ආරම්භ කිරීමට නියමිතව තිබූ නමුත්, එම තරගය පැවැත්වෙන Central Broward Regional Park Stadium Turf Ground, Lauderhill, Florida ප්‍රදේශයට ඇද හැළුණු අධික වර්ෂාව හේතුවෙන් සංවිධායකවරුන් තීරණය කළේ තරගය පැවැත්වීම තාවකාලිකව කල් දැමීමටයි.

මේ වනවිට ‘ඩී’ කාණ්ඩය යටතේ දකුණු අප්‍රිකාව මෙතෙක් සහභාගි වූ තරග තුනම ජයගෙන ලකුණු සටහනේ ඉහළම ස්ථානයේ සිටින අතර, පිළිවෙලින් තරග දෙකකට සහභාගි වී එක් තරගයක් ජයගෙන ඇති බංග්ලාදේශය දෙවන ස්ථානයේත්, නෙදර්ලන්තය තුන්වැනි ස්ථානයේත්, නේපාලය සිව්වැනි ස්ථානයේත්, සහභාගී වූ තරග දෙකම පරාජයට පත්වූ ශ්‍රී ලංකාව පස්වැනි හෙවත් අවසන් ස්ථානයේත් පසුවෙනවා.

ශ්‍රී ලංකාව මෙතෙක් සභභාගි වූ තරග දෙකම පරාජය වී ඇති අතර, එහිදී දකුණු අප්‍රිකාව සමග පැවති තරගය දකුණු අප්‍රිකාව කඩුලු 07කින් ජය ගැනීමට සමත් වූ අතර, බංග්ලාදේශය සමග පැවති තරගද කඩුලු 02කින් ජය ගැනීමට බංග්ලාදේශය සමත් වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායමට T20 ලෝක කුසලාන තරගාවලියේ ඉදිරියට යෑම සඳහා සුපිරි අට දෙනාගේ වටයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව අහිමිව යා ඇති බවටයි වාර්තා වන්නේ?

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *