ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට උපාය මාර්ගික කමිටුවක්

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සහ පළාත් සභා මැතිවරණය ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, මැතිවරණ කටයුතු සාර්ථකව සිදු කිරීම සඳහා අත්‍යවශ්‍ය සහයෝගය ලබාදීම සහ ඉදිරි තීරණ වලට නායකත්වය ලබාදී නිවැරදි මග පෙන්වීම සිදුකිරීම සඳහා උපාය මාර්ගික කමිටුවක් පිහිටුවීමට කටයුතු කර තිබේ.

පක්ෂයක් ලෙස වඩාත් ශක්තිමත්ව ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ සඳහා මුහුණ දීම සඳහා අපේක්ෂකයින් වෙත ශක්තිය සහ මග පෙන්වීම ලබාදීම මෙම උපායමාර්ගික කමිටුව පිහිටුවීමේ ප්‍රධානතම අරමුණයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් මේ පිළිබඳව කරුණු පැහැදිලි කර තිබේ.

What's your reaction?

Related Posts

1 of 358

Leave A Reply

Your email address will not be published. Required fields are marked *