ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ පාර්ලිමේන්තුව අපේක්ෂක සරත් වීරසේකර මහතා සඳහා සංවිධානය කර තිබූ මැතිවරණ රැස්වීමක් මාලබේ හෝටලයකදී පැවැත්වුණා

මේ සඳහා එම පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂකයින් හා එතුමාට සහාය දක්වන පිරිසක් සහභාගි වී සිටියා

ප්‍රථමයෙන්ම මැතිවරණ රැස්වීම ඇමතූයේ

ඉත්තෑ කන්දේ සද්ධාතිස්ස හිමි

දේශපාලනඥයෙක් ලෙස පිස්සු නැටුවා නම් මම එන්නෑ ඔබතුමාගේාගේ වේදිකාවට මම දේශපාලනඥයෙක් විදියට නෙමේ ඔබතුමාලා දිහා බලන්නේ රණවිරුවෙක් විදිහට

උතුරෙ පාරවල් දැන් විවෘත කරමින් පවතිනවා මේ පාරවල් හැදුවේ මහින්ද රාජපක්ෂ උතුරට දුම්රිය මාර්ගය හැදුවේ මහින්ද රාජපක්ෂ

උතුරේ ඉන්න ටී එන් ඒංවිධානය මහින්ද රාජපක්ෂ දමිළ මිනිස්සුන්ට වෛර කරන මනුස්සයෙක් කියලා ප්‍රචාරණය කළා

මහින්ද රාජපක්ෂ මහත්තයා රට හතරකොනින් සංවර්ධනය කරද්දි සිංහල මිනිහා හොරා කියල පදයක් හැදුවා

උදේ හවා අපේ මිනිස්සු ෆේස්බුක් එකේ මහින්ද රාජපක්ෂ මහත්තයට ගහනවා එතුමාගේ පක්ෂය දෙකයි පහට බස්සන්න තරම් සිංහලයා කටයුතු කරා

කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තුව අපේක්ෂක සරත් වීරසේකරමහතා

ඇස් කන් ලේ මස් නහර දන් දීලා ආරක්ෂා කරපු රට අනුර කුමාර මහත්තයාට පෙඩරල් කරන්න දෙන්නේ නෑ

ජනාධිපතිතුමා කියනවා වන්දනාගාරයේ සිටින සියලුම දමිළ සිරකරුවන් නිදහස් කරනවා කියලා අම්මගේ දා බඩේ පිහිටපුරුවෝ මරපු සිරකරුවෝ අද මේ නිදහස් කරන්න කියලා අපි අහනවා

බලය ලබාගන්න තමන්ගේ රට පාවා දෙන්න එපා
අවුරුදු 32ක් තිස්සේ වහලා තිබ්බ අච්චුවේලි පාර විවෘත කලා හමුදාව කියනවා පාරෙන් දෙපැත්තට පයින දෙන්නේ නෑ කියලා

මේ වගේ පාරවල් විවෘත කරලා රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල වෙනවා දේශපාලන සිරකරුවන් කියලා මේ අය නිදහස් කරොත් රටේ ජාතික ආරක්ෂාවට ලොකු තර්ජනයක් වෙනවා

What's your reaction?

Related Posts

1 of 381

Leave A Reply

Your email address will not be published. Required fields are marked *