ශ්‍රී ලංකා මහ බැංකු නිලධාරීන්ගේ වැටුප් වැඩි කර ගැනීම වැරදියි

ශ්‍රී ලංකා මහ බැංකු නිලධාරීන්ගේ වැටුප් වැඩි කර ගැනීම වැරදි බව ඒ පිළිබඳව සමාලෝචනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් පත්කළ කමිටු වාර්තාවේ පෙන්වා දී තිබෙනවා

මුදල් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා එම වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එහි නිර්දේශ කිහිපයක් ඇතුළත්.

2024 මුදල් වර්ෂය සඳහා රුපියල් මිලියන අටදහස් හත්සිය පනහක් නොඉක්මවන අතිරේක මුදලක් වෙන් කිරීමට අදාළ පරිපූරක ඇස්තමේන්තු යෝජනාව පිළිබඳ විවාදය අද පැවැත්වෙනවා

ජනාධිපති වැය ශීර්ෂය යටතේ වෙන් කර ඇති මෙම අතිරේක වියදම් මගින් ජාතික ප්‍රමුඛතාවයන් සඳහා ජාතික මට්ටමේ මඟපෙන්වීම සහ සම්බන්ධීකරණ ව්‍යාපෘති සඳහා මුදල් වෙන් කෙරෙනු ඇති.

What's your reaction?

Related Posts

1 of 144

Leave A Reply

Your email address will not be published. Required fields are marked *