ශිෂ්‍යත්ව විභාගය සාර්ථකව අවසන්

අද (15) පෙරවරුවේ පැවති පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේදී අක්‍රමිකතා කිසිවක් වාර්තාවී නොමැති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා.

මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා සිසුන් තුන් ලක්ෂ 23,879 දෙනෙකු ලියාපදිංචි වී ඇති අතර, සිංහල මාධ්‍යයෙන් 244,092 ක් සහ දෙමළ මාධ්‍යයෙන් සිසුන් 79,787 දෙනෙකු මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා ලියාපදිංචි වී තිබෙනවා.

එමෙන්ම විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක වූ විභාග මධ්‍යස්ථාන සංඛ්‍යාව 07ක්.

මේ අනුව විභාගය සඳහා දරුවන් පෙනී සිටීමේ ප්‍රතිශතය ඉතා ඉහළ මට්ටමක පැවති බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *