ශීත සෘතුව වෙනුවෙන් ස්විට්සර්ලන්තයේ Edelweiss ශ්‍රී ලංකාවට සෘජු ගුවන් ගමන් අරඹයි!

ශීත සෘතුවේ ආරම්භයත් සමග යුරෝපීය සංචාරකයන් රැගත් ස්විස්ටර්ලන්ත ඒඩ්ල්වයිස් ගුවන්සමාගමට අයත් එයාර්බස් A 340-300 ගුවන්යානයක් එරට සූරික් සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ගුවන් ගමන් ආරම්භ කළා.

මෙම ගුවන් ගමන් සතියකට එක් වරක් ලෙස සෑම සිකුරාදා දිනකම කොළඹ බලා ක්‍රියාත්මක වන අතර ආපසු සූරික් බලා ක්‍රියාත්මක වන ගුවන් ගමන මාලේ හරහා ක්‍රියාත්මක වනු ඇති.

2025 ජනවාරි මස සිට සතියට දින දෙකක් ලෙස සෑම සිකුරාදා සහ ඉරිදා දිනකම මෙම ගමන් වාර ක්‍රියාත්මක වීමට නියමිතයි.

What's your reaction?

Related Posts

1 of 350

Leave A Reply

Your email address will not be published. Required fields are marked *