ශුබ්මන් ගිල්ට ලක්ෂ 24ක දඩයක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ (10) චෙන්නායි සුපර් කිංග්ස් පිලට එරෙහිව පැවැති තරගයේදී මන්දගාමී ඕවර වේගයක් පවත්වාගෙන යාම හේතුවෙන් ගුජරාට් ටයිටන්ස් පිලේ නායක ශුබ්මන් ගිල්ට රුපියල් ලක්ෂ 24ක දඩයක් නියම කර තිබෙනවා.

එය මෙම වාරයේ ඔහුගේ පාර්ශවය විසින් සිදු කරන ලද මන්දගාමී ඕවර වේගයට අදාළ දෙවැනි වරදක් වූ අතර, ඉන් අනතුරුව එම කණ්ඩායමේ Impact Player ද ඇතුළු ක්‍රීඩා කරනු ලැබූ සෙසු සාමාජිකයින් 11 දෙනාට තනි තනිව රුපියල් ලක්ෂ 6ක් හෝ ඔවුන්ගේ අදාළ තරඟ ගාස්තුවෙන් 25%ක දඩයක් වශයෙන් නියම කර ඇති බවයි සඳහන් වන්නේ.

කෙසේ නමුත් එම තරගයේ දී ගිල්ගේ නායකත්වයෙන් යුතු ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම මෙවර තරගාවලියේ තවදුරටත් බලාපොරොත්තු රඳවාගෙන රැඳී සිටීමට සමත් වූ අතර චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ලකුණු 35 කින් පරාජය කරනු ලැබුවා.

සමස්ත තරගාවලියේ දී ගුජරාට් කණ්ඩායම මේ වන විට ක්‍රීඩා කළ තරග 12ක දී ප්‍රසාද ලකුණු 10ක් ලබා ප්‍රසාද ලකුණු සටහනේ අටවැනි ස්ථානයේ පසුවන අතර, ඊයේ චෙන්නායි කණ්ඩායම විශාල ලකුණු ප්‍රමාණයකින් පරාජය වුවත්, ප්‍රසාද ලකුණු සටහනේ ලකුණු 12ක් ලබා තරගාවලියේ සිව්වැනි ස්ථානයේ රැඳී සිටිනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *