සංගීතය බලා නිවසට එමින් සිටි සිසුවා යතුරුපැදියක ගැටී මරුට

සංගීත සංදර්ශනයක් නැරඹීමට ගොස් සිය නිවෙස බලා එමින් සිටි කතරගම 18 හැවිරිදි පාසල් සිසුවකු යතුරුපැදියක ගැටී මියගොස් තිබෙනවා.

කතරගම ගම්උදා පිටියේ පැවති සංගීත සංදර්ශනයක් නැරැඹීමට ගොස් එය අවසන් වූ පසුව මියගිය තරුණයා සහ තවත් තරුණයන් පිරිසක් නිවෙස වෙත එමින් සිටි අවස්ථාවේ කතරගම රජමාවතේ ගම්උදාව හංදියේ දී මෙම අනතුර සිදුව තිබෙනවා.

මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්වී ඇත්තේ කතරගම වල්ලිමාතාගම පදිංචිව සිටි රණසිංහ ආරච්චිගේ රවිඳු නමැති අයෙක්.

මෙසේ මියගිය සිසුවා කතරගම ජාතික පාසලේ උසස් පෙළ අධ්‍යාපනය හදරමින් සිටි අයෙකු බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම අනතුරින් එම අවස්ථාවේදී පා ගමනින් මියගිය සිසුවා සමග ගමන් කළ තවත් තරුණයකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

යතුරු පැදිය ධාවනය කළ තරුණයාද තුවාල ලබා කතරගම රෝහලට ඇතුළත් කර තිබෙනවා.

හිසට ඇතිවූ බරපතල තුවාල හේතුවෙන් මෙම සිසුවා මියගොස් ඇති බව මරණ පරීක්ෂණයේදී අනාවරණය වූ බවයි කතරගම පොලිසිය සඳහන් කළේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *