බ්‍රිතාන්‍යයේ පොදුරාජ්‍ය මණ්ඩලයීය සහ සංවර්ධන කාර්යාලය විසින් එරට පුරවැසියන්ට සංචාරය කිරීම අනතුරුදායක බවට ලැයිස්තුගත කර ඇති රටවල් අතරට පසුගියදා පාකිස්තානය ද ඇතුළත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඒ සමඟ
පාකිස්තානය ගෝලීය සංචාරකයන්ට අනතුරුදායක ගමනාන්තයක් බවට පත් වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. මීට අමතරව බ්‍රිතාන්‍ය පුරවැසියන්ට සංචාරය කිරිම අනතුරුදායක බවට ලැයිස්තුගත කර ඇති රටවල් සංඛ්‍යාවට තවත් රටවල් 8ක් ඇතුළත් කර ඇතැයි ද, ඒ සමඟ එසේ ලැයිස්තුගත කළ රටවල් ප්‍රමාණය 24 දක්වා ඉහළ ගොස් ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
එම කාර්යාලය සිය පුරවැසියන්ට සංචාරය කිරීම අනතුරුදායක බවට රටවල් නම් කර ඇත්තේ එම රටවල අපරාධ, යුද්ධය, ත්‍රස්තවාදය, වසංගත රෝග, කාලගුණය සහ ස්වභාවික විපත් සැලකිල්ලට ගනිමින් බව ද වාර්තා වේ.
එම ලැයිස්තුවට අලුතින් එක් කළ රටවල් අතර රුසියාව, යුක්රේනය, ඊශ්‍රායලය, ඉරානය, සුඩානය, ලෙබනනය,
බෙලරුසියාව සහ පලස්තීනය ද ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය