සංශෝධිත බැංකු පනත බලාත්මකයි

2024 අංක 24 දරන බැංකු සංශෝධන පනතේ විධිවිධාන මේ වනවිට ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා මහ බැංකුව දන්වා සිටිනවා.

ශ්‍රී ලංකාවේ බැංකු අංශයේ ඔරොත්තු දීමේ හැකියාව වැඩි දියුණු කිරීම උදෙසා බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු සඳහා අදාළ වන නීතිමය සහ නියාමන රාමුව තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම සංශෝධන සකස් කෙරුණා.

වත්මන් නියාමන රාමුවෙහි වර්ධනයන්, ආර්ථික සහ වෙළඳපල වර්ධනයන්, විචක්ෂණ අවශ්‍යතාවන් පිළිබඳ යහභාවිතයන් සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්, දේශීය බැංකු අංශය සඳහා උචිත පරිදි සැලකිල්ලට ගනිමින් ඒවා සකස් කර තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *