සජබ සමඟ ආර්ථික කමිටු විවාදයෙන් මාලිමාව ඉවත්වෙයි

සමගි ජන බලවේගයේ සහ ජාතික ජන බලවේගයේ නායකයින් අතර විවාදයට පමණක් තම පක්ෂය සුදානම් බව ජාතික ජන බලවේගයේ විවාද සම්බන්ධීකාරක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා.

ඔහු ඒ බව සඳහන් කළේ සමගි ජන බලවේගයේ විවාද සම්බන්ධීකාරක පාර්මේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ආර්ථික කමිටු අතර විවාදයට නොපමාව දින ලබාදෙන ලෙස ඉල්ලම්න් ජාතික ජන බලවේගය වෙත ඊයේ (27) යොමුකර තිබු ලිපියට ප්‍රතිචාර දක්වමින්.

එම ලිපියෙන් ඔහු වැඩිදුරටත් අවධාරණය කර තිබුනේ ආර්ථික කමිටු විවාදය පිළිබඳ කිසිදු සඳහනක් නොකර ඒ පිළිබඳ අවධානය වෙනත් දිශාවකට යොමු කරමින් ආර්ථික කමිටු සහ නායකත්ව යන විවාද දෙකම නොපැවැත්වීමට ජාතික ජන බලවේගය පසුබිම සලසන ආකාරයක් නිරීක්ෂණය වන බව බවයි.

අද ඊට ප්‍රතිචාර දක්වමින් ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස සඳහන් කළේ නායකයින් අතර විවාදයට පමණක් සිය පක්ෂය සුදානම් බවයි.

කෙසේ වෙතත් ආර්ථික කමිටු විවාදය මගහැරීමට ජාතික ජන බලවේගය තවමත් උත්සාහ දරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ප්‍රකාශ කරනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *