සජිත්ගෙන් පොරොන්දුවක්

තමන් ලබා දෙන සෑම පොරොන්දුවක්ම ඒ අයුරින්ම ඉටු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

දෙහිඅත්තකණ්ඩිය සඳුන්පුර ප්‍රදේශයේ පැවැති වැඩසටහනකට එක්වෙමින් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේ දේශපාලනයේ සැබෑ අරුත
පක්ෂ ප්‍රවර්ධනය නොව රටට සේවය කිරීම බවයි.

දෙහිඅත්තකණ්ඩිය සඳුන්පුර ජාතික පාසැලට රුපියල් ලක්ෂ 12කට ආසන්න වටිනාකමින් යුත් සුහුරු පන්ති කාමරයක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
ලබා දුන්නේ, සක්වළ වැඩසටහනේ 220 වැනි අදියර යටතේ යි.

මෙහිදී පාසැල් සංවර්ධන අරමුදලට රුපියල් ලක්ෂයක මුදලක් ද විපක්ෂ නායකවරයා පරිත්‍යාග කළ අතර මෙවර උසස් පෙළ විභාගයෙන් අම්පාර
දිස්ත්‍රික්කයේ 6 වැනියා වූ දියණියට රුපියල් 25,000ක මුදලක් ද පරිත්‍යාග ලබා දුන්නා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *