සජිත් තංගල්ලට

සමගි ජන බලවේගය පක්ෂයේ මාතර තංගල්ල සහ ඒ අවට පුදේශවල රැස්වීම් කිහිපයකට සහභාගීවී කතා පැවැත්වූ ජනාධිපති අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමසිරි මානගේට මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රධානීන් අවවාද කර ඇත.

මින් ඉදිරියට එවැනි කටයුතුවල නොයෙදෙන ලෙසට ද ඔහුට දැනුම් දුන්නේ යැයි කොමිසමේ නිලධාරියෙක් ජනමාධ්‍ය වෙත පවසා ඇත.

ජනපති අපේක්ෂකයකු වෙනත් අපේක්ෂකයකුගේ රැස්වීමකට සහභාගිවීම මැතිවරණ නීතියට ගැනෙන වරදක් නොවූවත් ආචාරධර්ම කඩකිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනාවක් මතු කළ හැකි බව ද ඔහු කීවේය.

මේ සම්බන්ධයෙන් ජනමාධ්‍ය විසින් කර ඇති විමසුමකදී පේමසිරි මානගේ පවසා ඇත්තේ ජනතාවගෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් සැළකිල්ලට ගෙන තමා එම රැස්වීම්වලට සහභාගි වූ බවයි.

ජනතාවට පණිවිඩයක් ලබාදීමට තමා ඒ ස්ථාන පාවිච්චි කළ බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මානගේ 2004-2010 අතර කාලයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළේය.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *