සජිත් සහ IMF නියෝජිතයින් අතර හමුවක්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අතර හමුවක් ඊයේ (20) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණි.

මෙම හමුව සඳහා සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරුන් රැසක් සහභාගීවී තිබුණි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් හමුවේ ප්‍රකාශ කර ඇත්තේ ලක්ෂ 220ක මෙරට ජනතාවගේ ගැටළුවලට විසඳුම් ලබාදිය යුතු බවය.

රජය අක්‍රමවත් ලෙස ආර්ථිකය හැසිරවීම හේතුවෙන් අගතියට පත්වී සිටින ජනතාවගේ දුගීභාවය තුරන් කිරීමේ වැඩපිළිවෙළක අත්‍යවශ්‍යතාවය ද මෙහිදී IMF නියෝජිතයින්ගේ අවධානයට යොමුකර තිබේ.

විපක්ෂ නායකවරයා මෙහිදී වැඩිදුරටත් පවසා ඇත්තේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය විසඳීමට ඉදිරිපත් කළ යෝජනා සහ ඉලක්කවලට සමගි ජන බලවේගය ධනාත්මකව එකඟවන නමුත් ඇතැම් යෝජනා සංශෝධන සහිතව ක්‍රියාත්මක කළ යුතු බවය

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *