මහජනතාවට සහන සැලසීමේ අරමුණින් ලංකා සතොස ආයතනයේ වෙළෙඳසල් ජාලයේ අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළ දමා තිබෙනවා.
අද (10) වනදා සිට මෙම මිල පහළ දැමීම සිදු කර ඇති අතර ඒ අනුව රුපියල් 1045ක්ව පැවැති මුං ඇට කිලෝව රුපියල් 47කින් ද රුපියල් 215ක්ව පැවැති ආනයනික අර්තාපල් කිලෝව රුපියල් 10කින්ද අඩු කර ඇති අතර 385ක්ව පැවැති දුඹුරු සීනි කිලෝවක් රුපියල් 10කින් ද , සුදු සීනි කිලෝව රුපියල් 6කින් අඩු කිරිමටයි පියවර ගෙන ඇත්තේ.
දිවයින පුරා ඇති සතොස සුපිරි වෙළෙඳසල් ජාලය මඟින් මෙම සහනය ලබා ගත හැකි බවයි ඔවුන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.