සමගියේ නායකයින් අද රැස්වේ

ඉදිරි මහ මැතිවරණයට තරග කරන ආකාරය පිළිබදව සාකච්ඡා කිරිම සදහා සමගි ජන සන්ධානයේ නායකයින් අද රැස්වීමට නියමිතයි.

කොළඹදී පැවැත්වෙන එම රැස්වීමට සමගි ජන බලවේගය සමග සන්ධානගතවී සිටින දේශපාලන පක්ෂවල නායකයින්ට ආරාධනා කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර, ඊයේ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර හමුවක් විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වුණා.

එමෙන්ම, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන නියෝජිතයින් අතරද නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේදී ඊයේ සාකච්ඡාවක් පැවැත්වුණා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *