සමගි ජන බලවේගයමාධ්‍ය හමුව

පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය

මේ ආණ්ඩුව බලයට ඇවිත් මාසෙකට වැඩියි .අපි කියන්නේ සියලු දේ මේ මාසෙට කරන්න පුලුවන් කියලා.නමුත් මේ අය ලොකු බලාපොරොත්තු දුන්නා.මේ සහල් ප්‍රශ්නය ගැන ඒ අය කියපු දේවල් අපි මතකයි.සහල් ඒකාධිකාරයක් තියනවා කිව්වා, හාල් ඒකාධිකාරය බිදින්න ඉන්න ජනාධිපතිට කොන්දක් නෑ කිව්වා, හාල් මිල අඩු කරනවා කිව්වා.නමුත් අද කියන්නේ කුමක්ද.හාල් මිල ගැන සාකච්ඡා තිබ්බා.මේක තනිකර සංදර්ශනයක්.
අදාල පාර්ශව එක්ක වෙනම සාකච්ඡා කරලා මාධ්‍ය ඉස්සරහට ඇවිත් කතා කරපු බවක් තමයි අපිට පෙනුනේ.එයාලා ගත්තේ සහල් මොල් හිමියන්ගේ පැත්ත බවටයි අදහස.

ජනතාවට සහල් සම්බන්ධයෙන් කිසිදු සහනයක් ලැබිලා නෑ.
සහල්.මෝල් හිමියන් පිනවන්න කටයුතු කරපු බවක් පේනවා.

සහල් ආනයනය කරන්නේ නෑ කිව්වා නමුත් දැන් ආනයනය කරන්න සූදානම් වෙනවා, කියපු දේවල් නෙවෙයි දැන් මේ ආණ්ඩුව කරන්නේ.

අපේ ජාතික ලයිස්තුවට සුදුසු හතර දෙනෙක් නම් කරලා තිබෙනවා.අපි බලාපොරොත්තු වෙච්ච ජාතික ලයිස්තු මන්ත්‍රී දූර ප්‍රමාණය අපිට ලැබුනේ නෑ.අපි සන්ධාන ගත පක්ෂයක්.ඒ නිසා ජාතික ලයිස්තු මන්ත්‍රීවරු නම් කිරීමේදී නායක තුමා හා ලේකම් තුමා ලොකු අර්බුදයට පත් උනා.හිරුණිකාට නොලැබීම ගැන කණගාටු වෙනවා, නමුත් කරන්න දෙයක් නෑ, ඕක තමයි ස්වභාවය .

අර්ච්චුනා මන්ත්‍රී තුමා ඊට පස්සේ මුණ ගැහුනේ නෑ.මම හිතුවා ඊට පසුවදා යලි ඒ ගැන කතා කරයි කියලා.කතා කලේ නැ.එයා දැන් පුවත් මවන්නෙක් වෙලා.

What's your reaction?

Related Posts

1 of 435

Leave A Reply

Your email address will not be published. Required fields are marked *