සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් විජයග්‍රාහී ජන පවුරට ජන ගගක්

බලහත්කාරයෙන් බලයේ රැඳී සිටීමට වෙර දරන කණ්ඩායම මෙන්ම ප්‍රචණ්ඩත්වයෙන් රට විනාශ කළ කණ්ඩායමත් පරාජය කර සැබෑ ජනවරමක් තුළින් රට සංවර්ධනය කරා ගෙනයෑමට තමන් සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඇල්පිටිය නගරයේ අද පැවැති ගාල්ල දිස්ත්‍රික් ජන රැළිය අමතමින් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ රජයක් ලෙස එම වගකීම භාරගැනීමට සුදුසුම කණ්ඩායම සිටින්නේ තමන් සමග බවයි.

ගාල්ල දිස්ත්‍රික් විජයග්‍රාහී ජන පවුර මැයෙන් සමගි ජන බලවේගය සංවිධාන කළ ජන රැළිය ඇල්පිටිය නගරයේදී අද(11) පැවැත්වුණේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ ප්‍රධානත්වයෙන්.

සජිත් ප්‍රේමදාසට සහය පළකරමින් පසුගියදා සමගි ජන බලවේගය හා එක් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායක හෂාන් තිලකරත්න ද මෙම ජන හමුවට එක්ව සිටියා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *