සමගි ජන බලවේගයේ මාද්‍ය හමුව

ආන්ඩුව දැන් අමාරුවේ වැටිලා.. පසුගිය කාලේ මැතිවරණ වේදිකාවල කියපු දේවල් කරන්න විදියක් නෑ. බඩු මිල කිසිම විදියකින් පහල දාගන්න බෑ..
දැන් සහල් ආනයනය කරන්න හදනවා. නමුත්
ඊලග කන්නයෙදී ලොකු ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්.

කිව්වා වගේ විදුලි බිලයි. ඉන්දන මිලයි අඩු කරන්නකෝ. ජල විදුලි බලාගාර උතුරලා ගිහින් තවමත් මේ ආන්ඩුවට විදුලි බිල අඩු කරගන්න බෑ.

පොඩි ලමයින්ගේ සෙල්ලම් ගෙදර වගේ තමයි මේ ආන්ඩුව ප්‍රශ්න වලට උත්තර හොයන්නේ.
ආන්ඩුව දිගින් දිගටම කල් ඉල්ලනවා.
අර්බුද ගණනාවක් මැද්දෙත් යහපාලන ආන්ඩුව දින 100කින් වැඩ රාශියක් කලා.
දැන් ජනාධිපතිතුමාත් පත්වෙලා දින 70ක් වෙලා තියනවා. මේ අන්ඩුව මොනවද කලේ.

දැන් කලින් කිව්වා imf එක වෙනස් කරනවා කියලා.දැන් කියනවා රනිල්ගේ පාරේලු යන්නේ.
ආන්ඩුව වැඩ පටන් ගත්තා විතරයි ජන්දේ දුන්න මිනිස්සුන්ව රැවැට්ටුවා..

පසුගිය රජයෙන්වත් මන්ත්‍රීවරුන්ට වාහනයක් දුන්නේ නෑ. දැන් මේ ආන්ඩුව වාහනේකුත් දෙනවා. වරප්‍රසාද කපනවා කියලා ඇවිත් නැති වරප්‍රසාදත් මේ ආන්ඩුව දෙනවා.

ආනන්ද පාලිත
සමගි ඒකබද්ද වෘත්තීය සමිති සන්ධානය
කැඳවුම්කරු

ත්‍රීපෝශ සමාගම ඈවර කරන එක නතර කලේ අපි.පෙරටුගාමී සහෝදරයොත් අපිත් එක්ක හිටියා.
දැන් පොල් ගෙඩිය 220 හාල් හොයන්න නෑ. දැන් ආන්ඩුව කියනවා පාන් නැත්තන් කේක් කන්න වගේ ගෙඩි වෙනුවෙට පිටිකල පොල්කිරිවලට යොමුවන්නලු.. මොනවද මේ කතා.
පිටිකල පොල්කිරිවලින් සම්බෝල හදන්න පුලුවන්ද ආ..

ඒ ආන්ඩුව ගැන විවේචන කරන්න බැරිද.මොකද්ද මේ.
විරු සමරු සමරනකොට දකුණේ අය ඇවිසෙන්න එපා කියලද ජනාධිපතිතුමා එදා රාජාසන කතාවේ කිව්වේ.

මේ ආන්ඩුවේ වෙන්නේ බල්ලගේ වැඩේ බූරූවා කරනවා.මේ ආන්ඩුව ගොබෙස් න්‍යායෙන් ඇවිත් ජනතාව මර්දනය කරන්න හදන්නේ.

තෑපෑලෙන් ආන්ඩුවට ජන්ද දුන්න සංවර්ධන නිලදාරීන්ට හැරෙන තැපෑලෙන් ගැහුවා.

විදුලිබිල අඩුකල යුතුයි ඒක තවමත් කරලා නෑ. ට්‍රාන්ස්ෆෝමර් පුපුරවපු ජනතා විමුක්ති පෙරමුණ තවමත් ජනතාවට සහන දෙන්නේ නෑ. රන්ජන් ජයලාල් බෝනස් ඉල්ලනවා.

ජනාධිපතිතුමා තවමත් එල්ලිලා ඉන්නේ කංචනගේ ප්‍රතිපත්ති වල.විදුලි බිල අඩුකරනවා කිව්වා නේද අඩුකරන්නකෝ.
වහාම 35% 45%ත් අතර මිලකින් විදුලි බිල අඩුවිය යුතුයි.

රන්ජන් ජයලාල්ට බෝන්ස් දෙන්න කලින් ජනතාවට සහන දෙන්න.
අපි සිකුරාදා එනවා ජනාධිපතිතුමාව හමුවෙන්න..

What's your reaction?

Related Posts

1 of 375

Leave A Reply

Your email address will not be published. Required fields are marked *