සමගි ජන සන්ධානය මාධ්‍ය හමුව

එස් එම් මරික්කාර්.

සමගි ජන සන්ධානය මාධ්‍ය හමුව අදහස් දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා,…………
නව රජය පැමිණි පසු බඩු මිල අඩුවේ යැයි ජනතාව අපේක්ෂා කළ ද අද මිල ඉහළ ගිහින්.imf සමග රනිල් ආණ්ඩුව ජනතාව පෙළීමට භාවිතා කළ කොන්දේසි සංශෝධනයත් ගැන පේන්න නැහැ. රජය සාධනීය වෙනසක් වෙනුවට මාධ්‍ය හරහා ජනතාවගේ ඔලු සෝදමින් ඉන්නවා. ඉල්ලීම් ඉල්ලමින් උද්ඝෝෂණය කළ අය මාලිමාවේ අපේක්ෂක ලැයිස්තුවට ඇතුලත් බැවින් ඔවුනුත් අද ඉල්ලීම් ඉල්ලන්නේ නැහැ. ආණ්ඩුවට වැඩි බලයක් ලබාදීම සුදුසු නොවන බවට අතීත අත්දැකීම් තිබෙනවා. ප්‍රබල ආණ්ඩුවක් වෙනුවට ප්‍රබල විපක්ෂයක් නිර්මාණය කළ යුතුයි.රනිල් වික්‍රමසිංහ මහතා පවසන පරිදි පොහොට්ටුවේ හොරුන්ගෙන් සමන්විතව සමතුලිතභාවය පාර්ලිමේන්තුවේ ඇති කරන්න බැහැ.ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායක නමැති පුද්ගලයාට ආකර්ෂණය තිබුණාට මහ මැතිවරණයේදී ජනතාව ඡන්දය ලබා දෙන්නේ ප්‍රදේශයේ සිටින පුද්ගලයන් ගැන සිතායි. දක්ෂ ,නිපුණතා ඇති අය ජනතාව මෙවර තෝරණ බවට විශ්වාසයක් තිබෙනවා. මාලිමාව සෑහෙන ප්‍රගතියක් ලබා ගනු ඇති.
225 ම එපා කීවාට ජනාධිපතිවරයා පත්ව තිබෙන්නේ 225න් තමයි.ජවිපෙ කාඩරයේ බහුතරයක් මාලිමා ලැයිස්තුවේ .

සජිත් ප්‍රේමදාස මහතා දිගින් දිගටම මැතිවරණ පරාජය වීම පිළිබඳව මෙන්ම ඒ මහතා මාධ්‍යයට මුහුණ නොදී මාධ්‍යවේදීන් නොසලකා හැරීම පිළිබඳවද මාධ්‍යවේදීන් අසන ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *