සමන් රත්නායකගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් සමන් රත්නායකගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒ මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඔහු විසින් ගොනු කර තිබූ පෙත්සම අද (10) සලකා බැලීමෙන් අනතුරුවයි.

එමෙන්ම 11 වැනි සැකකරු වන සෞඛ්‍ය අමාත්‍යංශයේ ඇගයිම් කමිටු සාමාජික වෛද්‍ය තුසිත සුදර්ශන ද අධිකරණය හමුවට ඉරිපත් කළ අතර ඔවුන් දෙදෙනාම ලබන 22 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *