මේ අතර සම්බාහන සේවයක් ලබා දෙන බව පවසා පුද්ගලයෙකු බම්බලපිටිය
ප්රදේශයට ගෙන්වාගෙන ඔහුට පහර දී තියුණු ආයුධ පෙන්වමින් බිය ගන්වා
රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබා ගැනීමේ සිද්ධියකට අදාළව අඹුසැමි යුවලක්
බම්බලපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අන්තර්ජාලය හරහා ඔවුන් එම මුදල් බැංකුවට බැරකරගෙන ඇති අතර ඔහු
සන්තකයේ තිබූ රුපියල් 15,000ක මුදලක්ද කොල්ලකා තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකදී අදාළ
සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර ගල්කිස්ස ප්රදේශයේ පදිංචි අවුරුදු
54ක් වන අදාළ කාන්තාව මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්ව සිටින
අපේක්ෂිකාවක් බවයි පොලිසිය සදහන් කළේ.
ඔවුන්ගෙන් සිදුකළ ප්රශ්න කිරීම්වලදී සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් සිව්
දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ අතර අදාළ කාන්තාවගේ බෑනාද වනවා
අත්අඩංගුවට ගත් සැකකාර අඹුසැමි යුවල අද අලුත්කඩේ මහේස්ත්රාත්
අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැරුණු අතර ඔවුන්ගේ බෑනා
ඇතුළු සෙසු සැකකරුවන් සිව්දෙනා ලබන 18වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර
ගත කර තිබෙනවා