සමාජවාදය ගැන පවසන ඇතැමුන් ඩීල් දානවා

දේශපාලන ක්ෂේත්‍රයේ එළිපිට දොස් නගාගන්නා කණ්ඩායම් අතර රහස් ගනුදෙනු පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

සමාජවාදය ගැන පවසන ඇතැමුන් ද හොරුන් ආරක්ෂා කරන නායකයා සමඟ ඩීල් දමමින් සිටින බවයි විපක්ෂ නායකවරයා කඩුවෙලදී පැවැති
වැඩසටහනකදී සඳහන් කළේ.

සක්වල වැඩසටහනේ 224 වැනි අදියර යටතේ කොළඹ කඩුවෙල හෝකන්දර විද්‍යාරාජ මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 11කට අධික වටිනාකමකින් යුත් සුහුරු පන්ති කාමරයක් ලබාදීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.

මෙහිදී පාසැලේ නර්තන කණ්ඩායම සඳහා අවශ්‍ය ඇදුම් සපයා ගැනීම වෙනුවෙන් පාසැල් සංවර්ධන අරමුදලට රුපියල් ලක්ෂයක මුදලක් පරිත්‍යාග කළ අතර නව නිර්මාණ ක්ෂේත්‍රයෙන් දස්කම් පෑ එම පාසැලේ සිසුන් දෙදෙනෙකුට රුපියල් 25,000 බැගින් පරිත්‍යාග කිරීමද සිදු වුණා.දේශපාලන ක්ෂේත්‍රයේ එළිපිට දොස් නගාගන්නා කණ්ඩායම් අතර රහස් ගනුදෙනු පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

සමාජවාදය ගැන පවසන ඇතැමුන් ද හොරුන් ආරක්ෂා කරන නායකයා සමඟ ඩීල් දමමින් සිටින බවයි විපක්ෂ නායකවරයා කඩුවෙලදී පැවැති
වැඩසටහනකදී සඳහන් කළේ.

සක්වල වැඩසටහනේ 224 වැනි අදියර යටතේ කොළඹ කඩුවෙල හෝකන්දර විද්‍යාරාජ මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 11කට අධික වටිනාකමකින් යුත් සුහුරු පන්ති කාමරයක් ලබාදීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.

මෙහිදී පාසැලේ නර්තන කණ්ඩායම සඳහා අවශ්‍ය ඇදුම් සපයා ගැනීම වෙනුවෙන් පාසැල් සංවර්ධන අරමුදලට රුපියල් ලක්ෂයක මුදලක් පරිත්‍යාග කළ අතර නව නිර්මාණ ක්ෂේත්‍රයෙන් දස්කම් පෑ එම පාසැලේ සිසුන් දෙදෙනෙකුට රුපියල් 25,000 බැගින් පරිත්‍යාග කිරීමද සිදු වුණා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *