සමිතගේ ලෝක වාර්ථාව

පැරිස් – පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පිරිමි F44 කාණ්ඩයේ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් නව ලෝක වාර්තාවක් තැබීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සමිත දුලාන් සමත්වෙයි

පැරිස් – පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පිරිමි F44 කාණ්ඩයේ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් නව ලෝක වාර්තාවක් ද සමඟින් රිදී පදක්කමක් දිනාගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස්හේවා බලකායේ සමිත දුලාන් සමත් විය.

එහිදී ඔහු F44 කාණ්ඩයේ පෙර පැවති ලෝක වාර්තාව බිඳ දමමින් මීටර් 67.03 ක දක්ෂතාවක් වාර්තා කළේය.
එහි රන් පදක්කම දිනාගැනීමට ඉන්දීය ක්‍රීඩක සුමිත් ඇන්ටිල් සමත් වූ අතර ඔහු F64 කාණ්ඩයෙන් මීටර් 70.59ක දක්ෂතාවක් පෙන්නුම් කරන ලදී.

මෙම ජයග්‍රහණය සමිත දුලාන් ටෝකියෝහිදී (2020) වසරේ දිනූ ලෝකඩ පදක්කමෙන් පසුව දිනූ පැරා ඔලිම්පික් රිදී පදක්කමක් වීමද විශේෂත්වයකි. එමෙන්ම ඔහුගේ දක්ෂතාවය පැරා ඔලිම්පික් තරඟවල දී ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු ලබාගත් ජයග්‍රහණ අතරින් ඉහළින්ම සනිටුහන් වන්නක් වනඅතර, 2024 පැරිස් හි පැවැත්වෙන පැරා ඔලිම්පික් තරඟාවලියේදී මෙතෙක් අප රට වෙනුවෙන් පදක්කමක් දිනූ එකම ක්‍රීඩකයා වන්නේත් ඔහුයි. (නිමාව)

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *