සමිතියට ගෙවා ගන්නා නොමිලේ ලැබන සහල්

සහල් බෙදාදීමේ ජාතික වැඩසටහන යටතේ සහල් කිලෝ දහය ලබාදීමට පෙර අඩු ආදායම්ලාභී එක් අයකුගෙන් රුපියල් සියයක මුදලක් අය කරගෙන ඇති බවට දිඹුලාගල මනම්පිටිය ප්‍රදේශයේ අඩු ආදායම්ලාභීන් චෝදනා කරනවා.

එහිදී එම මුදල ලබා දීමට අපොහොසත් අයට සහල් කිලෝ දහයක ප්‍රමාණය නොලැබෙන බවට දැනුම් දුන් බවයි ඔවුන් චෝදනා කරන්නේ.

ඉදිරියේදී පැවැත්වෙන අවුරුදු උත්සවයට සහභාගි වන ආරාධිත අමුත්තන්ට සංග්‍රහ කිරීම සඳහා එවැනි මුදලක් එකතු කරන බවටයි වාර්තා වෙන්නේ.

අඩු ආදායම්ලාභී පවුල්වල පෝෂණ තත්ත්වය වර්ධනය කිරීම අරමුණු කරගත් සහල් බෙදාදීමේ ජාතික වැඩසටහනට සමගාමීව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිඹුලාගල සහ වැලිකන්ද යන කොට්ඨාසවල අඩු ආදායම්ලාභීන්ට සහල් කිලෝ දහයක ප්‍රමාණයක් ලබාදීමේ වැඩසටහන පසුගිය 21 වෙනිදා ආරම්භ කෙරුණා.

කෙසේ වෙතත් මේ චෝදනාව පිළිබඳ දිඹුලාගල ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් සිදුකළ විමසීමකදී ඔහු සඳහන් කර ඇත්තේ, සහල් ලබාදීමේදී මුදල් එකතු කිරීම සම්පූර්ණයෙන්ම තහනම් බවත්, තමා විසින් එලෙස මුදල් එකතු කිරීම සඳහා කිසිවෙකුට උපදෙස් ලබා නොදුන් බවත්, එලෙස යම් මුදලක් එකතු කරනු ලබන්නේනම් ඒ සම්බන්ධව තමාව ලිඛිතව දැනුම්වත් කලහොත් ඒ පිලිබඳව සොයාබලා ඔවුන්ට විරුද්ධව නීතිමය පියවර ගැනීමට සූදානම් බවයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *