සයිටම් අරගල කාලේ අධිකරණ නියෝග කඩකළ වෛද්‍යවරු තිදෙනෙක්ට අවවාද

සයිටම් විශ්වවිද්‍යාලය අහෝසි කරන ලෙස සිදුකළ උද්ඝෝෂණයේදී අධිකරණ නියෝග කඩ කළ බවට අදාළව පැවැති නඩුවත් විවෘත අධිකරණයේ කැඳවූ අවස්ථාවේදී වරද පිළිගත් වෛද්‍යවරුන් තිදෙනෙක් අවවාද කර මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර අද (17) පියවර ගෙන තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් සළකා සිද්ධියෙන් නිදහස් කරන්න යැයි ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයෙන් සිදු කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.

තරුණ වෛද්‍යවරුන් වීම සහ වරද පිළිගැනීම සලකා නඩුවෙන් නිදහස් කරන බව මහේස්ත්‍රාත්වරයා දැනුම් දී තිබෙනවා.

මෙලෙස නිදහස් කෙරූනේ අංගොඩ මානසික වෛද්‍ය ආයතනයේ වෛද්‍යවරියක් සහ හම්සහ අනුරාධපුර රෝහල්වල වෛද්‍යවරුන් දෙදෙනෙක්.

මේ සිද්ධියට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී අධිකරණයේ පෙනී නොසිටි සැකකරුවන් කිහිපදෙනෙකුට වරෙන්තු නිකුත් වූ අතර, ඔවුන් මෝෂන් ගොනු කරමින් වරෙන්තු ආපසු කැඳවන ලෙස ඉල්ලීම් කර තිබෙනවා.

ඇප මත මුදා හැර ඇති සැකකරුවන් වන අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු ලහිරු චින්තක වීරසේකර , භික්ෂු බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු ටැම්පිටියේ සුගතානන්ද ඇතුළු සැකකරුවන්ට එරෙහිව නඩුව ගොනු කර ඇති බවයි වන්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *