සශිනි ගිම්හානිට නව අවස්ථාවක්

පසුගියදා නිමා වූ යොවුන් තුන්කොන් එක්දින සහ පන්දුවාර 20 තරගාවලියට එක්වූ 15 හැවරිදි ශෂිනි ගිම්හානි ලෝක කුසලාන කාන්තා පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියට කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.

මෙම වසරේ පැවැත්වෙන පන්දුවාර 20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයට සුදුසුකම් ලැබ්මේ තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය නම්කර තිබෙනවා.

15 දෙනෙකුගෙන් යුත් එම සංචිතයේ නායකත්වය චමරි අතපත්තුටයි හිමිව ඇත්තේ.

ඒ අනුව, නම් කළ 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කාන්තා පන්දුවාර 20 සංචිතය වන්නේ නායිකා චමරී අතපත්තු,විශ්මි ගුණරත්න,නිලක්ෂි ද සිල්වා,හර්ෂිතා සමරවික්‍රම,කවිෂා ඩිල්හාරි,හසිනි පෙරේරා,අනුෂ්කා සංජීවනී,උදේශිකා ප්‍රබෝධනී,ඉනෝකා රණවීර,අචිනි කුලසූරිය,හංසිමා කරුණාරත්න,කාව්‍යා කාවින්දි,ඉනෝෂි ප්‍රනාන්දු,සුගන්දිකා කුමාරි සහ සෂිනි ගිම්හානියි.

තරගාවලියේ මූලික වටයේ A කාණ්ඩයෙන් තරගවදින ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමාරම්භක තරගයේදී තායිලන්ත ක්‍රීඩිකාවන් සමඟ ලබන අප්‍රේල් මස 25 වැනිදා තරගවැදීමට නියමිතයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *