ස්ටබ්ස් පළිහබොක්සිං තරඟ ඇරඹේ

ශ්‍රී ලංකා පාසල් බොක්සිං දින දර්ශනයේ ජනප්‍රිය ඉසව්වක් වූ 105 වැනි ස්ටස් පළිහ බොක්සිං නරගාවලිය ඊයේ සිට (10-31) වැනිදා සිට නොවැම්බර් පස්වෙනිදා දක්වා රාජකීය විද්‍යාලීය මාස් ඇරීනා බොක්සින් වළල්ලේදී පැවැත්වෙනවා

මෙවර ස්ටස් පළිහ සඳහා පාසල් 126 කින් බොක්සිං ක්‍රීඩකයින් 550 ක් සහභාගි වන අතර ඔවුන් වයස අවුරුදු 16 න් පහළ, 18න් පහළ සහ 20න් පහළ බර පංති 36 ක් යටතේ තරග වැදීමට නියමිතය. බාලක අංශයේ දක්ෂතම බොක්සිං ක්‍රීඩකයාට පිරිනැමෙන පළිහ සහ කීර්තිමත් කර්නල් ටී.වයි. රයිට් අභියෝගතා කුසලාන යන දෙකටම මෙවර දැඩි තරගකාරීත්වයක් අපේක්ෂා කරයි. වත්මන් ශූරයන් වන මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලය පසු ගිය වසරේ පැවැති තරගාවලියේ පදක්කම් කිහිපයක් ඇතුළුව ජයග්‍රහණ 17 ක් සමඟින් විශිෂ්ට වාර්තාවකට හිමිකම් කීවේය.

කොළඹ රාජකීය විද්‍යාලය, ස්වස් පළිහ ශූරතා 19 ක අසමසම වාර්තාවකට හිමිකම් කියයි. 1944 සිට 1947 දක්වා සහ 1984 සිට 1987 දක්වා අඛණ්ඩව ජයග්‍රහණ හතර බැගින් ලබාගත් රාජකීය විද්‍යාලය දස්කම් දක්වා ඇත. මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය ද, 1991 සිට 1997 දක්වා ජයග්‍රහණ මාලාවක් ලබා තිබේ.

What's your reaction?

Related Posts

1 of 440

Leave A Reply

Your email address will not be published. Required fields are marked *