ස්විස්ටර්ලන්තයෙන් මෙහෙයවන අපරාධ කල්ලියක් යාපනයේ

විදේශ රටක සිට මෙහෙයවන ලද අපරාධ කල්ලියක සැකකරුවෙකු අවි ආයුධ සමග අත්ඩංගුවට ගෙන තිබෙනවා.

යාපනයේ චුන්නාකම් එවිනි ප්‍රදේශයේ ක්‍රියාත්මක කල්ලිය චුන්නාකම් පොලීසිය විසින් 8 වැනිදා අත්අඩංගුවට ගත් බවයි වාර්තා වුණේ.

නිවසක් තුළදී අත්අඩංගුවට ගන්නා විට සෙසු පිරිස පලා ගොස් තිබෙන බවයි පැවසෙන්නේ.

ස්විස්ටර්ලන්තයේ පදිංචි පුද්ගලයෙකු විසින් මෙම අපාරධ කල්ලිය මෙහෙයවා ඇති අතර, යාපනයේ සිදු වූ අපරාධ
රැසකට මේ කල්ලිය සම්බන්ධ බවට තොරතුරු හෙළි වී තිබෙනවා.

ඒ අනුව මෑතකදී යාපනයේ නිවාසවලට බෝම්බ ගැසීම්, පුද්ගලයින් කඩුවලින් කපා දැමීම, බිය කිරීම්, කප්පම් ගැනීම්, නිවෙස්වලට ගිණි තැබීම් මේ කල්ලිය විසින් සිදු කර තිබෙන බව හඳුනාගෙන තිබෙනවා.

මෙම කල්ලියේ සක්‍රිය සාමාජිකයින් දස දෙනෙකු පමණ කටයුතු කොට ඇති අතර, තවත් අවස්ථාවලදී කුළී පදනම
මත පිටස්තර පිරිස් සම්බන්ධ කරගෙන අපරාධ සිදු කොට තිබෙන බවද පැවසෙනවා.

අත්අඩංගුවට පත් සැකකරු ළග තිබී කඩු කිනිසි හා දේශීය වශයෙන් නිෂ්පාදිත තවත් ආයුධ කිහිපයක් පොලීසිය විසින් සොයාගෙන සොයාගෙන තිබෙනවා.

සැකකරුගේ දුරකතනය පරීක්ෂා කිරීමේදී ස්විස්ටර්ලන්තයේ සිටින අපරාධ කල්ලිය මෙහෙයවන පුද්ගලයාගෙන් ලැබුණු විධාන හා කොන්ත්‍රාත් කිහිපයක් දුරකතනයේ තිබී ඇති අතර, දෙදෙනා අතර සිදුව ඇති මුදල් ගණුදෙණු පරීක්ෂා කිරීමට බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට පියවර ගන්නා බවයි පොලිසිය පවසන්නේ.

සැකකරු ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මල්ලාකම් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලිසිය පැවසුවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *