සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂාව ඇරඹෙයි

2023 වසරට අදාළව පැවැත්වුණු සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු අද ආරම්භ කෙරුණා.

විභාග කොමසරිස් ජනරාල් අමිත් ජයසුන්දර සඳහන් කළේ පෙරේදා පිළිතුරුපත්‍ර ඇගයීම් කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබුණත් දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් එම පරීක්ෂණ කටයුතු අද දක්වා කල් දැමුණු බවයි.

පසුගිය මස මැයි මස 6 වනදා ඇරඹුණු සාමාන්‍ය පෙළ විභාගය 15 වනදා දක්වා පැවැත්වුණා.

What's your reaction?

Related Posts

1 of 370

Leave A Reply

Your email address will not be published. Required fields are marked *