සාමාන්‍ය පෙළ සිසුන්ට පමණක් හැඳුනුම්පත් කාර්යාල අද විවෘතයි

අනිද්දා ආරම්භ වන සාමාන්‍ය පෙළ විභාගයේ අපේක්ෂකයින් සඳහා පමණක් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ ප්‍රධාන කාර්යාලය සහ ප්‍රාදේශීය කාර්යාල කිහිපයක් අද විවෘතව තැබෙනවා.

ඒ අනුව ගාල්ල, කුරුණෑගල, වවුනියාව, මඩකලපුව සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල පිහිටි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ පළාත් කාර්යාල ද අද පෙරවරු 8.30 සිට පස්වරු එක දක්වා විවෘතව තැබෙන බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

මේ වනතෙක් ජාතික හැඳුනුම්පත් සඳහා ඉල්ලුම් නොකළ සාමාන්‍ය පෙළ අපේක්ෂකයින් විදුහල්පතිවරයා හෝ ග්‍රාම නිලධාරිවරයා විසින් සහතික කළ, නිසි ලෙස සම්පූර්ණ කරන ලද ඉල්ලුම්පතක් රැගෙන පැමිණිය යුතු බව එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

මේ අතර 2023 සාමාන්‍ය පෙළ විභාගය සඳහා දෙවැනි වර පෙනී සිටින අපේක්ෂකයින් 11,000කට ආසන්න පිරිසකට ඔවුන් අයදුම් නොකළ විද්‍යාව විෂය ද, අමතර විෂයක් ලෙස ඇතුළත් කර විභාග ප්‍රවේශ පත්‍රය නිකුත් කිරීමේ සිද්ධියක් ද වාර්තා වනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *