සා.පෙළ විභාග පැවැත්වෙන නුගේගොඩ පාසල් ඉදිරිපිට විරෝධතා තහනම්.

නුගේගොඩ සහ ඒ අවට විභාග මධ්‍යස්ථාන පැවැත්වෙන පාසල් ඉදිරිපිට විරෝධතා පැවැත්වීම වළක්වමින් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය විසින් වාරණයක් නිකුත් කර තිබෙනවා.

ඒ, මිරිහාන මූලස්ථාන පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවක් සැළකිල්ලට ගනිමින්.

ඒ අනුව අනුලා විද්‍යාලය, ශාන්ත ජෝෂප් විද්‍යාලය, සමුද්‍රදේවී බාලිකා විද්‍යාලය, ශාන්ත ජොා්න් පිරිමි විද්‍යාලය සහ සුජාතා බාලිකා විද්‍යාලය යන පාසල් ඉදිරිපිටයි මෙලෙස විරෝධතා තහනම් කර ඇත්තේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහ නාවල විවෘත විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් අනධ්‍යයන කාර්ය මණ්ඩල හා සමග ඒකාබද්ධව එම විශ්වවිද්‍යාල ඉදිරිපිටින් ආරම්භ කෙරෙන විරෝධතා පා ගමන නුගේගොඩ නගර මධ්‍යය දක්වා පැමිණෙන බවට තොරතුරු ලැබී ඇති බවයි පොලිසිය අධිකරණයට දැනුම්දුන්නේ. එහිදී උද්ඝෝෂකයන් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරන අතර, වීථි නාට්‍ය ආදිය රඟ දැක්වීමේ සූදානමක් පවතින බවද අධිකරණය හමුවේ වාර්තාකර තිබුණා.

ඒ අනුව අදාළ පාසල්වල විභාග මධ්‍යස්ථාන තුළ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන් දැඩි අහසුතවකට පත්විය හැකි බැවින් මෙම නියෝගය නිකුත් කරන බවයි නුගේගොඩ මහේස්ත්‍රාත් තනූජා ජයසිංහ සඳහන් කළේ.

මේ අතර, දරුවන්ට අසාධාරණයක් නොවන පරිදි සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යාව ප්‍රශ්ණ පත්‍රයේ ලකුණු දීමේ පටිපාටිය සකස් කිරීමේදී ප්‍රශ්ණ පත්‍රය සකස් කර පිරිස් තීරණයක් ගනු ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ප්‍රකාශ කළා.

ඒ විද්‍යාව ප්‍රශ්ණ පත්‍රයේ ගැටලු‍ සහගත තත්ත්වය සම්බන්ධයෙන් රෝහිණී කුමාරි විජේරත්න මන්ත්‍රීවරිය පාර්ලිමේන්තුවේදී අද ප්‍රශ්ණ කළ අවස්ථාවේදියි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *