සා.පෙළ සිසුවිය කෙළෙසූ ප්‍රින්සිපල් පොලිස් අත්අඩංගුවට

පාසල් සිසුවියකට බරපතළ ලිංගික අතවර කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට නිකවැරටිය කබල්ලෑව මහා විදුහලේ විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර විදුහල්පතිවරයා ඊයේ (30) පස්වරුවේ නිකවැරටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි 17 හැවිරිදි සිසුවියක් මෙලෙස සැකකරු විසින් ලිංගික අතවරයට ලක්කර ඇති බවයි නිකවැරටිය පොලිසියේ උසස් නිලධාරියෙක් සදහන් කර සිටියේ.

සැකකාර විදුහල්පතිවරයා සිසුවිය සමග ප්‍රේමසම්බන්ධයක් ඇති කරගෙන ඇයව මෙලෙස අතවරයට ලක්කර ඇති බවට අනාවරණය වී තිබෙනවා.

අත්අඩංගුවට ගැණුනු 52 හැවිරිදි සැකකාර විදුහල්පති අද (31) දින නිකවැරටිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිපත් කිරීමට නියමිතයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *