සැත්කමකින් පසු දැරියක මියයෑමේ සිද්ධිය අපරාධයක් නම් වෛද්‍යවරයා අත්අඩංගුවට ගන්නැයි නියෝග

රිඡ්වේ ආර්යා ළමා රෝහලේදී සිදුකළ සැත්කමකින් පසු තුන් හැවිරිදි දැරියක මියයෑමේ සිද්ධිය අපරාධයක් බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වන්නේ නම් සැත්කම සිදුකළ විශේෂඥ වෛද්‍යවරයා සැකකරුවෙකු ලෙස නම් කර අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල පොලිසියට නියෝග කර තිබෙනවා.

දරුවාගේ මරණ පරීක්ෂණ විමර්ශනයේ සාක්ෂිකරුවෙකු ලෙස නම් කර ඇති විශේෂඥ ශල්‍ය වෛද්‍ය නලීන් විජේකෝන් සාක්ෂි විභාගය මගහරිමින් විදේශගතව ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා.

එම කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි අතිරේක මහේස්ත්‍රාත්වරයා ඊයේ (09) මෙම නියෝගය නිකුත් කළේ.

කොටහේන ප්‍රදේශයේ පදිංචි අවුරුදු 03 ක් වයසැති දැරියගේ එක් වකුගඩුවක් අක්‍රිය වීම හේතුවෙන් එය ඉවත් කිරිමට 2022 වසරේ දෙසැම්බර් මස 22 වනදා රිඡ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කෙරුණා.

කෙසේ වෙතත්, මාස 06කට පසුව අනෙක් වකුගඩුවද නොමැතිව දරුවා මියගිය අතර, එහිදී ශල්‍යකර්මය භාරව කටයුතු කළ විශේෂඥ ශල්‍ය වෛද්‍ය නවීන් විජේකෝන්ගේ සාක්ෂි විමසීම ස්කයිප් තාක්ෂණය ඔස්සේ කැදවීමට නියමකර තිබුණා.

ඕස්ටේ්‍රලියාවේ රැදි සිටින ඔහු ඊට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වන බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ.

What's your reaction?

Related Posts

1 of 296

Leave A Reply

Your email address will not be published. Required fields are marked *