සැමියාගේ පහර කෑ බිරිය මරුට

සැමියෙකු සිදුකළ පහරදීමක් හේතුවෙන් තරුණ බිරිය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

තියුණු ආයුධයකින් කළ පහරදීමක් මත එම කාන්තාව ඝාතනය වී ඇති බවට නිරීක්ෂණය වන බවයි පොලිසිය පවසන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 23ක තරුණියක්.

වාද්දුව පොලිස් වසමේ පොතුපිටිය ප්‍රදේශයේ නිවසකදී පහරදීම සිදුව තිබෙන බවයි පොලිසිය පැවසුවේ.

ඊයේ (14) සවස අදාළ නිවසේ කාන්තාවට සැමියා විසින් පහරදෙන බවට වාද්දුව පොලිසියේ 119 හදිසි ඇමතුම් ඒකකයට තොරතුරක් ලැබී තිබෙනවා.

වහා ක්‍රියාත්මකවූ පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස් පරීකෂා කිරීමේදී ඝාතනයට ලක්වූ කාන්තාවගේ සිරුර හමුවී ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී තවත් කාන්තාවක් තුවාල ලබා සිට ඇති අතර ඇය කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

පවුල් ආරවුලක් දුරදිග යෑමෙන් පසු ස්වාමියා විසින් බිරිඳට තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුව තිබෙන බවයි පොලිසිය පවසන්නේ.

තුවාල ලබා ඇත්තේ මියගිය තරුණියගේ සහෝදරිය බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

ඝාතනය සිදුකළ බව කියන වයස අවුරුදු 34ක් වූ සැකකරු අත්අඩංගුවට ගත් බව වාද්දුව පොලිසිය පැවසුවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *