සැමියාට නිදි පෙති දී අනියම් සැමියාව නිවසට ගෙන්වා ගෙන

විවාහක සැමියාට නිඳි පෙති දී අනියම් සැමියා නිවසට ගෙන්වා ගත් කාන්තාවක් මස්කෙළිය පොලීසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරණයට හමුවට පෙරේදා (06) දා පැමිණවීමෙන් අනතුරුව මෙම මස (15) වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවට තොරතුරු වාර්තාවනවා.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කළ ඇත්තේ (26) හැවිරිදි කාන්තාවක්.

සැකකාර කාන්තාවගේ (32) හැවිරිදි සැමියා රෝගී තත්වයෙන් අප්‍රේල් (13) දා මස්කෙළිය ප්‍රාදේශිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රථිකාර සඳහා දික්ඔය මූලික රෝහල වෙත (14) දා මාරු කර යවා තිබෙනවා.

සැමියාගේ කිරි තේ එකට නිඳි පෙති කළවම්කර දී මෙම කාන්තාව අනියම් සැමියාව දුරකතන ඇමතුමක් ලබා දී නිවසට ගෙන්වා ගත් බවට සැමියාගේ හා සැකකාර කාන්තාවගේ දෙමව්පියන් ඉදිරිපිට පාපොච්චාරණයක් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *