සැමියා විසින් බිරිද ගිනි තබා ඝාතනය කරයි

සැමියා විසින් පෙට්‍රල් දමා සිරුරට ගිනි තැබීම හේතුවෙන් දින 04 ක කාලයක් මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි සිව් දරු මවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ආර්ථික අපහසුතා හේතුවෙන් විදෙස් ගතවී සිට යළි මෙරටට පැමිණි මවක් මෙලෙස මියගොස් ඇති බවයි පොලිසිය සදහන් කළේ.

කෙසේ වෙතත් ඇගේ සැමියා විසින් ඇයට චෝදනා කර ඇත්තේ විදෙස් ගතව සිටියදී සිය බිරිද වෙනත් පුද්ගලයෙකු සමග සම්බන්ධතාවයක් ඇති කරගෙන ඇති බවයි.

ඒ පිළිබදව දෙදෙනා අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් සැමියා විසින් පසුගිය 14 වනදා රාත්‍රියේ නිවස තුළදී සිය බිරිදට පෙට්‍රල් දමා සිරුරට ගිනි තබා ඇති බවයි පොලිසිය සදහන් කළේ.

සිද්ධියට අදාළව කාන්තාවගේ සැමියා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *